Discussion about this post

User's avatar
KW's avatar
Jun 26Edited

නන්දන වීරරත්න මහතා ගේ සටහන්, වාර්තා ලිපි කියවන හැම අවස්ථාවකම අපේ රටේ (ජරාජීර්ණ වූ) දේශපාලනය ගැන අලුතෙන් යමක් ඉගෙන ගැනෙන බැවින්, ඒ ගැන පළමුවෙන්ම ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙමි.

අද දැනගත් එම කරුණු අතරින් මුලින්ම සිතට වැදුනේ ජේ. ආර්. ජයවර්ධන විසින් 1977 බලයට පැමිණි පසු එතෙක් පැවති අපරාධ යුක්ති විනිශ්චය කොමිසම අහෝසි කිරීමේ -සැබෑ- අරමුණයි!

සිය සමාජ සගයන් වූ නොයෙක් සුදු කරපටි හොරුන්ට නිසි නින්දේ සිය වංචාකාරී විදේශ විනිමය ගනුදෙනු කර ගෙන යන්නට නීතිමය බාධා ඉවත් කරදී "යහපත්" වාතාවරණයක් සකසා දුන් යැංකි ඩිකී ඒ පන්තියේ හොරුන්ට ඇත්තෙන්ම "කල්‍යාණ මිත්‍රයෙකි!"

ඔබ සඳහන් කල, බ්‍රිතාන්‍යයේ දී ළමා අපචාරයක් කර වරදකරු වී සිර දඬුවමකට ලක්ව, එය නිම කල පසු එරට තුල සදාකාලිකව child sex offender යන "විරුදාවලිය" යටතේ ආණ්ඩුවේ වාර්තා වල සිය නම ඇතුලත් වීමටත්, කිසිම දිනක ළමුන් සමග ගැටෙන සමාජ ක්‍රියාකාරකම් කිසිවක යෙදීම තහනම් වීමටත් බඳුන් වූ පහලගම සෝමරතනට පසු ගිය දින වර්තමාන ජනාධිපති තුමා සහ අගමැතිනිය කිසියම් සැමරුමක් වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩ යවා ඇති බව ස්වාධීනව මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය කරුවන් කීප දෙනෙක් වාර්තා කර තිබුණි.

උක්ත දේශපාලකයන් දෙදෙනාටම අතිශය බලාපොරොත්තු ඇතිව කතිරය ගැසූ අයට මේ සම්ප්‍රදායික, පහත් ඔලමොට්ටල කම් තවමත් -මොවුනුත්- පවත්වාගෙන යන අයුරු පෙනෙන විට දැනෙන අපේක්ෂා භංගත්වය බෙහෙවින් කටුක වේ.

අර උන්දැ ගෙ නමට ලඟින් යන පැවිදි නමක් ඇති, ඒ හා සමානම වූ තුච්ඡ අපරාධයක් කල බවට සැකකරු ලෙස සැලකෙන තවත් චීවරය අඳින්නෙකු ගේ නඩුව අද නැවත අනුරපුර මහේස්ත්‍රාත් අධිකරණය තුල ඇසෙන බව නොයෙක් තැන වාර්තා කර තිබේ.

දැරියගේ වල දමා තිබී ගොඩ ගත් ඇඳුමෙහි තිබී කිසියම් DNA alleles සොයා ගෙන ඇති බවක් මීට පෙර වාර්තා විය. පොලීසිය තවම ඉන්නේ පල්ලේගම හේමරතන නිදොස් කොට නිදහස් කරන බලාපොරොත්තුවෙන්ද යැයි විශාල සැකයක් හුදී ජනයා තුල මේ වන විට ඇති වී තිබේ.

ඔබේ සටහනේ සඳහන් අනික් "වීරයා" නම් අංක එකේ මුග්ධ මිනිසෙක් බව මේ වන විටත් ඔහු ඔප්පු කර හමාරය.

මගේ මතයට අනුව නම් ඔහු සුළු වශයෙන් හෝ "වීරයෙක්" වූයේ, "සත්‍යා" නම් ටෙලි නාට්‍යය සිය කුළුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වශයෙන් ඉදිරිපත් කිරීම සහ තව ටෙලි නාට්‍ය කීපයක සාර්ථක චරිත නිරූපණයන් කිරීමෙන්, යම් හැකියාවක් ඇති කලාකරුවෙක් ලෙස පමණි.

එහෙත් 2024 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් ලෙස පෙනී සිටිමින්, විවාද ආදියට සහභාගී වී මහජන නියෝජිතයන් ට ගිණි අවි ලබා දිය යුතුයි යනුවෙන් ඉතාම අමන කතා ඇතුලු සත පහකට වැඩක් නැති දේ කියවමින් රඟන විට, කලාකරුවෙක් ලෙස අත්කරගෙන සිටි ප්‍රසාදය පවා බොහෝ අයගේ සිත් තුලින් ඉවත් වූ බව කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහුට ලැබුන ඉතාම අල්ප වූ චන්ද සංඛ්‍යාව මෙන්ම එතැනම ලොප් වූ මන්ත්‍රී සිහිණයද සාක්ෂි දෙයි. එබැවින් අපේ රටේ බහුතරයකට චරිත් අබේසිංහ යනු දේශපාලන නායකයෙක් හෝ වීරයෙක් නොවේ.

මෙවැනි කාඩ්බෝඩ් වීරයන්ට සිය පක්ෂ සාමාජිකත්වය ලබා දී ඉහල තනතුරු දී ඔවුන් නංවන්නට දෙවරක් නොසිතන පුතානෝ ගේ පක්ෂයේ දේශපාලනික බංකොලොත් බව ට The rise and fall of the so called "political leader" Charith Abeysinghe යනු පැහැදිලි නිදසුනකි.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ දොර වැසීමටද සජබය කුප්‍රකට දක්ෂ බවක් දක්වයි. චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක ධූරයෙන් "වහාම ක්‍රියාත්මක වන පරිදි" ඔහු ඉවත් කර ඇති බවට එම පක්ෂයේ මහලේකම් වරයා නිවේදනයක් නිකුත් කර ඇති බව මේ වන විට කවුරුත් දන්නා කරුණකි.

පාතාලයේ මැරවරයෙක් යයි කියන අයෙක් අත්අඩංගුවේ සිටියදී "කරදර නොවී" බේරාගෙන ඔහු "රැක බලා ගන්නා" පොරොන්දු පිට ඔහුගේ බිරිඳ ගෙන් රුපියල් කෝටි ගණනක අල්ලස් ගනිමින්, සිය සගයා වන එවකට අධිකරණ ඇමති ධුරය දැරූ විජේදාස රාජපක්ෂ ගේ පුත්‍ර රත්නය සමග, එම කාන්තාවගේ පාර්ශවය හා ඩීල් එකකට එලඹෙන කාලවකවානුව තුල චරිත් අබේසිංහ සජබයේ කිසිම තනතුරක් නොදැරූ බවත්, කොටින්ම එවිට ඔහු ඒ පක්ෂයේ සාමාජිකයෙක් හෝ නොවූ බවත් සුවිශේෂී ව අවධාරණය කරන්නට ගරු මහලේකම් තුමා අමතක කර නොමැත!

අහෝ දුකකි! නෑ, කිසිම දුකක් නෑ. "වීරයාට" හොඳ වැඩේ!!!

No posts

Ready for more?