රැජිණගේ බෝඩිමේ භික්ෂුව හා 1971 තරුණ නැගිටිම
පසුගිය ජුනි 02 දාට යෙදුන ආචාර්ය විශාකා කුමාරි ජයවර්ධන ඇගැයීමේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ‘රැජිණගේ බෝඩිම’ ගැන කීප විටක් සඳහන් කළා. මේ රටේ රැජිණගේ බෝඩිං’ තිබුණේ 1972 මැයි 22 දා තෙක් පමණයි. ඊට පස්සේ එය ආණ්ඩුවේ බෝඩිම බවට පත් වුණා.
ආණ්ඩුවේ හිරගෙවල්වලට ජනයා විවිධ නම් පටබැන්දා. ‘ගල් පල්ලිය’, මහ උළුගෙදර, ආණ්ඩුවේ බෝඩිම එයින් කීපයක්. මගේ මතකයේ හැටියට මහා. උයන්ගොඩ, 1977 හිරගෙදරින් ආවට පස්සේ ‘රැජිණගේ බෝඩිම’ ගැන ප්‍රසිද්ධියේ කතා කළ මුල්ම අවස්ථාව මෙයයි. ඔහු එදින තරුණ කැරලිකරුවන් හිරගෙවල් ‘සරසවි’ බවට පත් කර ගත් ආකාරය විස්තර කළා. හැබැයි ඊට පෙර අපේ පියසිරි කුලරත්න සගයා ‘ තක්සලාවක් වූ සිපිරිගෙය’ නමින් මීට අවුරුදු 30 පෙර අපුරු මතකයක් සමූහයක් ජනගත කළා.
මේ දිනවල මම කියවා අවසන් කළ උපාලි ගජනායකගේ ‘T559’ නවකතාවත් එම යුගයට අයිති ඉතිහාසයක් ගැන ලියැවී තිබෙන්නේ. උපාලි, උයන්, වගේම එම නවකතාවේ කතා නායක ‘කාශ්‍යප’ භික්ෂුවත් 1971 වෙද්දී පේරාදෙණි සරසවියේ ශිෂ්‍යයෝ. ඔවුන්ගේ දේශපාලන මතවාද හා හැසිරීම නිසා භද්‍ර යෞවනය ගෙවුණේ සිරගෙවල් තුලයි.
චරිතාපදානයක් ලෙස ලියැවෙන්නට තිබුණු කාශ්‍යප භික්ෂුවගේ දේශපාලන ජීවිතය හා ඛේදනීය මරණය නවකතාවක් කිරීම ගැන මගේ මනාපයක් නැත. එහෙත් දේශපාලන භික්ෂුව අවධිවීම, තල්දුවේ සෝමරාම [ අගමැති බණ්ඩාරනායකගේ ඝාතකයා] 1971 කැරලිකාර භික්ෂුව ද අපට T559 නවකතාවේදී හමුවෙනවා. රටේ තරුණ නැගිටීමක් ඉදිරියේ පාලකයන්, පොලීසිය , ත්‍රිවිධ හමුදා හා හිරගෙවල්වල හැසිරීම මෙහි මනාව විස්තර කෙරෙනවා. එයි අපුර්වත්වය වන්නේ යටත් විජිත ‘රැජිනගේ බොඩිම’ නූතන සමුහාණ්ඩුවේ බෝඩිම අතරේ කිසිම වෙනසක් නොතිබීමයි.
ස්තුතියි උපලි ගජනායක
නන්දන වීරරත්න
05/06/26
See less



පියසිරි කුලරත්න පසු කලෙක පූසාරි කෙනෙක් වගේ ඇඳගෙන හිටියා. ඕම් තාරේ තුතාරේ තුරේ කියන පාඨය නිතරම කිව්වා