සිංහලයා, දෙමළා හා මුසොල්මානුවා එකම ඔරුවක ?
ලංකීක සමාජයේ ඇති බෙදීම් ගැන මම ලියන බොහෝ දේ මගේ ඔළුවට ඇතුළු වුණේ තරුණ දේශපාලන ක්‍රියාකාරියකු හා වාර්තාකරුවෙකු හැටියට ලැබු අත්දැකීම් නිසා. වාර්ගික, ආගමික, ප්‍රදේශ හා කුල වෙනස්කම් නොතකා මම රටේ සෑම ජනකණ්ඩායමක් සමඟම වැඩ කළා. ඔවුන්ගේ ප්‍රශ්නවලට ජාතික මට්ටමේ අවධානයක් ලබා දුන්න.
මම පොතේ ගුරෙකුවත්, ජනමාධ්ය්කරුවෙකු වෙන්නට පුහුණු කරපු කෙනෙක් නෙවෙයි. මම වාර්තාකරුවෙක් වුණේ පක්ෂ දේශපාලනයෙන් තොර දේශපාලනයක යෙදෙන්න. මා ඇසු දුටු දේ වාර්තා කිරීම මගේ දේශපාලනයයි.
මම අදටත් තේරුම් ගන්න උත්සාහ කරනව 1993 විතර පස්සේ විමුක්ති කොටින්ගේ ප්‍රධානම සටන් බලකාය බවට වතුකරයෙන් ගිය තරුණ තරුණියෝ පත් වුණේ ඇයි ද යන කාරණය.
අනෙක ඊළාම් රාජ්‍ය වෙනුවෙන් හඬ අවධි කළ උදවිය නෙවෙයි ඊළාම් අරගලය වෙනුවෙන් දිවි පිදුවේ. එහෙම වුණේ ඇයි?
දකුණේ බෞද්ධයන් භික්ෂුන් නැති පංසල් හදන්න ගත්තේ ඇයි? කළුතර බොධි විහාරය, කොටුව බෝධි විහාරය හා මාතර බොධි විහාර යන තැන්වල නේවාසික භික්ෂූන් නෑ. ගිහියො පාලනය කරන්නේ..! ඇයි එහෙම කළේ හා කරන්නේ ,,,?
හෙල බස රජ බස කරනු ..! බුදුදහම රාජ්‍ය ආගම කරනු..! යන ව්‍යාපාරය පටන් ගත්තේත් ඒ වෙනුවෙන් මාරාන්තික සටනක් කළේත් මේ රටට අන්තිමටම දකුණු ඉංදියාවෙන් පැමිණි සංක්‍රමණිකයන්ගෙන් පැවතෙන්නෝ. ඇයි ඔවුන්ට එහෙම ඇම්මක් ආවේ..?
වහාබ්වාදය ඉක්මනින්ම වැලඳගත්තේ අරාබි සම්භවයක් ඇති මුස්ලිම්වරු නෙවෙයි, දකුණු ඉන්දියානු සම්භවයක් සහිත මුස්ලිම්වරු. ඒක එහෙම වුණේ ඇයි?
සිංහල බෞද්ධයන් සමඟ විශාල වශයෙන් ගැටුම් හදා ගත්තේත් දකුණු ඉංදියාවෙන් පැමිණි මුස්ලිම්වරු. ඔවුන් එහෙම කළේ ඇයි?
මේ රටේ සමූළ ඝාතන ගම්මාන [දෙමළ හා සිංහල] සම කුල ගම්මාන වූයේ කෙසේ ද?
සිංහල භික්ෂුව කුල අනුව බෙදුණු නිකාය භේදයක් අමාරුවෙන් හෝ නඩත්තු කරන්නේ ඇයි..?
මේ සියල්ලම මට උත්තර නැති ප්‍රශ්න. මම මේවාට සොයා ගන්නා උත්තර සමාජ මාධ්‍ය හරහා එළියට දමන්නේ මම තවදුරටත් පුවත්පත්වලට ලිපි නොලියන නිසයි. ලංකාවේ හැම පත්තරයක්ම, හැම නාලිකාවක්ම හිමිකරුගේ දේශපාලන ව්‍යාපෘතියක්. කොහොම වුණත් මම දිගටම සමාජ බලපෑම් කණ්ඩායම් සමඟ මට ඇති ගැටළු හා ඒවාට මම සොයා ගත් උත්තර ගැන සජිවී සාකච්චාවක ඉන්නව. ඒක මට බලවත් සතුටක්.
නන්දන වීරරත්න
29/06/26
See less





👍