Discussion about this post

User's avatar
KW's avatar
Jun 28Edited

ඔබ යෝජනා කරන මතය -හරිහැටි- වටහා ගන්නට පෙර ලියූ comment එකක් ඉවත් කර දැමුවෙමි.

ඔබ සටහන් කරන සිතුවිලි වලට, (ඔබේ වචන වලින්ම කීවොත්) 'චාර' දැක්වුවද ඔබ ඒවාට ප්‍රතිචාර නොදක්වන බව පසු ගිය දිනක සඳහන් කර තිබුනත්, ඔබේ මේ සටහනේ වැදගත්ම කරුණ ගැන වරදවා වටහා ගෙන දැක්වූ අදහසක් මෙතැන තව දුරටත් තිබීම නුසුදුසු යයි සිතුනෙන්, එසේ කලෙමි. ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි.

එය කෙසේ වෙතත්, ඔබ ගේ සටහනේ හරය මට තේරෙන තරමින් පමා වී හෝ වටහා ගත් පසුව වුවද,

"ප්‍රේමදාස වගේම විජේදාසත් මේ රටේ කුල පීඩීතයන්ට බලය ලැබීම අනතුරුදායක බව පෙන්නුම් කරනව. අපිට මේ දාසයන් මිස අම්බෙක්කාර්ලා නොලැබුණේ ඇයි?" යන ඔබේ මුල් ප්‍රකාශය කියවන විට සිතට දැනෙන ගැඹුරු නොසන්සුන් බව සහ අප්‍රසන්න හැඟීමේ නම් වෙනසක් නැත.

ඒ අප්‍රසන්න බව දැනෙන්නේ පහත හේතුව නිසාය. ආර්. පණ්ඩුකාභය හෝ ඩීල්දාස විසින් මැරයන් සමග ඇතිකර ගත් සබඳතාවයන් ද, මුල් සඳහන් පුද්ගලයාගේ අනේකවිද උන්මත්තක ක්‍රියාවන්ද ගැන සිතන විට -පමනක් නොව- ආචාර්ය Ambedkar වැනි සැබෑ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ගේ ඒ උතුම් මානුෂීය ගති සහ ඔහු සිය රටට සහ එයින් ඔබ්බට විහිදෙන සේ මිනිස් වර්ගයා වෙනුවෙන් කල සේවයන් අගයන විටත්, ඒ ඒ පුද්ගලයන් අයත් වූ "කුලය" වැනි සාධකයක් ගැන විශේෂයෙන් හිතන්නට පෙළඹෙන්නේ ඇයි දැයි මට නොතේරෙන බැවිනි.

අපේ රටේ මෙන්ම ඉන්දියාවේත් "කුලය" නම් වූ කෘත්‍රිම නිර්ණායකය නිසා පීඩාවට පත් වන ජන කොටස් සිටින බව අප හැම පිලි ගත යුතු වේ.

එහෙත්, ඒ කුලය යන සාධකයද, ජාතිය ආගම ඉපදුන පලාත වැනි තවත් සාධක සේම මිනිස් ප්‍රජාව බෙදා වෙන් කරන්නට උපයෝගී කර ගන්නා මෙවලම් බැවින්, කිසියම් පුද්ගලයෙකුගේ හැසිරීම් හෝ දිනීම් හෝ වෙන ඕනෑම කරුනක් විග්‍රහ කරන විට ඔහු/ඇය මනුෂ්‍ය ප්‍රජාවට අයිති අයෙක් යන කරුන පමනක් සිහියේ තබා ගෙන, ඒ විමසීමට ලක් කරන කරුන ගැන විග්‍රහ කිරීම වඩාත් මානුෂීය ක්‍රමයක් යයි මා පුද්ගලිකව සිතමි.

මගේ සිතුවිල්ල හරිද වැරදිද කියා මම නොදනිමි.

නමුත්, යම් කෙනෙකුගේ වරදක් දෙස බලන විට, ඒ අය ඒ වරද කලේ ඒ අය කිසියම් කාලයක කුල පීඩනය ට ලක්ව සිටි නිසා යයි කීමත්, සම්ප්‍රදායිකව එසේ සැලකෙන කුලයක හෝ තමන්ට වඩා වෙනස් වූ ජාතියක/ආගමක අයෙක් යම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කල විට "එයා -එහෙම වෙලත්- මේ තරම් හොඳ වැඩක් කලා!" යයි කීමත්...එක හා සමාන නොසුදුසු දෙයකැයි මට සිතේ.

එම ලේබල් උකහා දැක්වීමෙන් සමාජය තුල මුල් බැසගෙන ඇති ඒ පීඩිත ජන කොටස් පිලිබඳ වූ දුර්මත තවත් ශක්තිමත් නොවන්නේද? අප කල යුතු වන්නේ මේ බෙදීම් වලට තුඩු දෙන සංකල්ප පුන පුනා කීම නොව ඒවා අභිබවා යෑම නොවේද?

මේ සියලු කෘත්‍රිම ලේබල් මතක් කරන්නේ නැතිව, ඒ වරද හෝ ශ්‍රේෂ්ඨ ක්‍රියාව දෙස මෙලොව වසන සියලුම Homo sapiens sapiens විශේෂයට අයත් සත්ව කොට්ඨාශය හඳුන්වන සාමාන්‍ය නම වූ -මිනිස් බව- යන ලේබලය පමනක් මුල් කර ගෙන බලන්නට අප සැමට හැකිනම්...

හොඳ නරක, ආත්මාර්ථය, පරාර්ථය, නිර්මල බව දූෂිත බව, වංක බව අවංක බව මේ ආදී විවිධ ලක්ෂණ හැම එකක්ම පෙන්වන්නට මිනිසත් බව ලැබූ -හැම කෙනෙක්ටම- විභවයක් ඇතැයි සිතන්නට හැකිනම්..

එවිට, විජේදාස සහ ප්‍රේමදාස විසින් සිදු කල සමාජ වැරදි සහ ඔවුන්ගේ නොසුදුසු ගණුදෙණු යනාදී සියල්ල යනු ධනය සහ බලයට ගිජු වීම නම් වූ නොමනා, සෘණාත්මක -මිනිස් ගතිය- ඉස්මතු වූ අවස්ථා ලෙසටත්, ආචාර්ය Ambedkar වැනි මානව හිතවාදී දේශපාලකයෙක් ගේ යහපත් ක්‍රියා යනු බාධක මැඩ ගෙන සිය උතුම් අරමුණු සාක්ෂාත් කර ගන්නට මිනිස් සිතේ ඇති ශක්තිය සහ ධෛර්යය මල් ඵල ගැන්වුව ධනාත්මක -මිනිස් ගති- පෙන්නුම් කල අවස්ථාවන් ලෙසටත් අපට පෙනෙනු ඇත.

අවම වශයෙන්, මම එසේ සිතන්නට කැමැත්තෙමි.

No posts

Ready for more?