තෙවැනි සමූහාණ්ඩුව හා දේශපාලන කැරළිකරුවෝ
2024, රටේ සිදු වූ දේශපාලන විපර්යාසය මහා. ජයදේව උයන්ගොඩට අනුව ‘තෙවන ලංකා සමූහාණ්ඩුව බිහිවීමයි’. ඒත් මට උයන්ගේ දේශාපලන විග්‍රහය පෙන්නේ ඊට ටිකක් වෙනස් විදිහකට. එහෙම හිතෙන්න ගත්තේ උදේම රටේ විශාලතම ඉදිකිරීම් සමාගම ‘මාඝා’ [MAGA] වේ අනුරූපී [Profile] ෆ්ලයරයක් දැකලයි. සමහර විට මට මෙහෙම පේන්නේ නිරන්තරයෙන්ම දේශපාලන කැරළිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නිසා වෙන්න පුළුවනි.
‘මාඝා’ රටේ ප්‍රධාන ඉදිකීරීම්වල නායකත්වයට එන විට ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් රටේ තිබීමත් මහාචාර්ය උයන්ගොඩ සම්මානිත දේශපාලන මහඇදුරෙක් ලෙස මේ දේශපාලන විග්‍රහය අප ඉදිරියේ තැබීමත් එකම දේශපාලන ප්රවාහයක මතු වීමක්. මේ දේශපාලන ප්රවාහයේ ආරම්භය තරුණ, දේශපාලන කැරලිකාරීත්වය. එහි ආරම්භය මීට අවු. 100 පිටුපස්සට යනව. 1929 වෙද්දී, සමසමාජය නැමැති දේශපාලන කැරල්ලේ මුල බීජ අපිට දකින්න ලැබෙනව. විදේශ අධ්‍යාපනය ලැබූ සොක්කන්ගේ දරුවෝ සමසමාජ අදහස සමාජගත කරනව. එය දේශපාලන ව්‍යාපාරයක් කරනව. 1950 දශකයේ එහි උපරිමය. පසුව, 60 දශකයේ ආරම්භයේ එනම් එයට අවුරුදු 30 ගෙවෙද්දී සමසමාජ දේශපාලනය පරාජය වෙනව. ඒත් සමසමාජ මතවාදය පරාජය වෙන්නේ නෑ.
එය දකුණේ දී ජනතා විමුක්ති පෙරමුණ හෙවත් සමසමාජ දෙවන පරම්පරාව වැඩේ අතට ගන්නව. උතුරේ දී එය ශන්ගේ [එන්. ෂන්මුගදාසන් - චීන කොමියුනිස්ට් පක්ෂය හෙවත් මාඕවාදි කණ්ඩායම] දේශපාලන ව්‍යාපාරයක් විදිහටයි මතු වෙන්නේ. අපිට වමේ පලමු වෙඩිල්ල ඇහෙන්නේ උතුරෙන්. ඒ 60 මුල දි. යාපනයේ සෙසු කුල කෝවිල්වලට ඇතුලුවීමට බලය පාවිච්චි කිරිමට. ඊට පස්සේයි ජවිපේ තුවක්කු ගත්තේ රාජ්‍යයට විරුද්ධව.
1971 තරුණ නැඟිටීම දකුණෙන් මතු වෙනව. එනම් සමසමාජය නැමැති මතවාදය සන්නද්ධ බලයෙන් ඇති කරන්න හිතන තරුණ පරම්පරාවක් මතුවෙනව. එය අවසන් වෙන්නේ දැවැන්ත ලේ වැගිරීමකි. 20000 පමණ සිරගත වීමෙන්. අපිට තරුණ කැරැල්ල අමතක වෙනව. එහෙත් උතුරට එය අමතක වෙන්නේ නෑ. උතුරේ තරුණ හඬ මතුවෙන්නේ සන්නද්ධ ඊළාම් ව්‍යාපාරයක මාදිලියෙන්. එය දෙමළ සමාජයේ කුලවාදය [ වෙල්ලාල ආධිපත්‍ය] ප්‍රදේශවාදය [ යාපන ප්‍රභූවාදය] විරුද්ධ මතු වූවත් ඔවුන් සිතන්නේ දෙමළ ඊළමක් තුල සියල්ල විසඳගන්න.
1987 වෙද්දී ජවිපේ දෙවනි කැරල්ල මතු වෙනව. එය 1990 වෙද්දි එය ධවල භීෂණයකින් අවසන් වෙනව. ඊළාම් යුද්ධය අවධි 4 [IV Eelam Wars] හරහා ගමන් කර 2009 අවසන් වෙනව.
සමසමාජ මතවාදයට අවුරුදු 100 පිරෙද්දී, එහි 03 පරම්පරාව ජාතික ජන බලවේගය නමින් බලය ගන්නව. 1971 කැරැල්ලෙ අවුරුදු 07 බැගින් සිරගතව සිටි කැප්ටන් කුලරත්න, පියදාස මදරසිංහ හා කනිෂ්ඨ කුලරත්න ආරම්භ කළ මාඝා සමාගම ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගම හැටියට මතුවෙනව. අවුරුදු 07 හිරගෙදරදි ඉගෙනුම ලබූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ 03 වන සමූහාණ්ඩුව ගැන නව දේශපාලන විහ්රහයක් ගේනව.
යහපත් මතවාදයක් හරියට අවුරුදු දෙතුන් සීයක් පවතින ගහක් වගේ. පැලවෙන්න, උස් මහත් වෙන්න විශාල කාලයක් යනව. නොයෙකුත් භාදකයන්ට මුහුණ දෙනව. අවසානයේ පළ දරනව. ගහ ඉන්දපු උදවිය එහි පළ නොදකින්න හෝ රස නොවිදින්න පුළුවනි. ඉතින් එහි කීර්තියෙන් වැඩි කොටසක් හිමිවන්නේ කාට ද? පළමු පරපුරට ද [සමසමාජ පුරෝගාමීන්] දෙවන පරපුර ට ද [ ජවිපේ පුරෝගාමීන්] තුන්වන පරම්පරාවට ද [ජාතික ජනබල වේගය] මම හිතන්නේ මේ පරම්පරා තුනට ම.
නන්දන වීරරත්න
11/07/26




