අපරාධකරුවන් හා සැකකරුවන් හිරගෙදර දී මිනීමරන්නේ කෙසේ ද?
[1983 වැලිකඩ හිරගෙදර සිරකරු ඝාතනය මැඩළු හමුදා නිලධාරියාගේ අත්දැකීම]
ජූලී මාසයේ 27 වෙනිද රාජකාරි රැස්වීමකට යන්නට මට නියෝග ලැබුණි. ජනාධිපතිතුමා කැඳවා තිබූ හදිසි සාකච්ඡාවකට යුද හමුදාපති, ගුවන් හමුදාපති හා ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වුණා. කමාන්ඩෝ බලකායේ නායකයා ලෙස මම ද එයට සහභාගි වුණා. අපි සාකච්ඡා කරමින් සිටියේ රට පුරා පැතිරෙමින් පවතින වාර්ගික කෝළාහලය ගැනයි. එම අවස්ථාවේ ජනාධිපතිතුමාට, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් කට්බට් ජැන්ස් ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. දුරකථන ඇමතුමට සවන් දුන් ජනාධිපතිතුමා, දෙවැනි දිනයටත් වැලිකඩ හිරගෙදර සිංහල සිරකරුවන් දෙමළ සිරකරුවන් පහර දෙමින් මරා දමමින් සිටින බව අපට කීවා. ජැන්ස්ට තත්වය පාලනය කර නොහැකි බව ඔහු කියන්නේ යැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා අපට කියා සිටියා.
ජනාධිපතිතුමා පැහැදිලි කළ ආකාරයට වැලිකඩ බන්ධනාගාරයේ අධි ආරක්ෂිත චැපල් අංශයේ සිර මැදිරි තුළ රඳවා සිටින ත්‍රස්තවාදී රැඳවියන් තිස්හත් දෙනෙකුට පමණ සිංහල සිරකරුවන් පහර දෙමින් සිටිවා. සිංහල සිරකරුවන් මිනීමැරීම හා හිරගෙය කඩා ගෙන පළා යාම නතර කිරීමට පිරිස් හා ආයුධ අවශ්‍ය බව ජෑන්ස් ජනාධිපතිට දන්වා තිබුණා.
මේ වන විට සිරගෙදර වටකර පිටතින් ආරක්ෂාවට යොදවා සිටියේ තරුණා දෙවැනි ලූතිනන්වරයෙකුගේ නායකත්වයෙන් තිබූ පළමුවැනි ඉංජිනේරු බලකායේ භට කණ්ඩායමක්. පවත්නා තත්වය අපේ සකච්චාවට ගැනුණා. ඉන් අනතුරුව වහාම කමාන්ඩෝ භට පිරිසක් සමඟ එහි ගොස් තත්වය පාලනය කරන ලෙස ජනාධිපතිතුමා මට එවෙලේම නියෝග කළා. ඒ වන විට අපට සිටියේ ඉතාම සීමිත කමාන්ඩෝ බල ඇණියක්. ඔවුන් ගෙනුත් විශාල පිරිසක් ඒ වන විටත් කොළඹ අවට ආරක්ෂාවට යොදවා සිටියා. මම එම නියෝගයත් සමඟ යුධ හමුදා මූලස්ථානයට ගියා. එහි සිටි කමාන්ඩෝ සෙබළුන් 4 දෙනෙක් සමඟ වැලිකඩ හිරගෙදර බලා පිටත් වුණා.
අපේ පැමිණීම බන්ධනාගාර කොමසාරිස්තුමාගේ සතුටට හේතු වූවත් මේ කුඩා කණ්ඩායමට කුලප්පු වී සිටින අපරාධකරුවන් සිය ගණනක් පාලන කරන්නේ කෙසේ දැයි යන සැකය ඔහුගේ මුහුණේ පෙනෙන්නට තිබුණා. සත්තකින්ම අපි හිරගෙදරට ඇතුල් වන විටත් එහි මහා කලබැගෑණියක් වෙමින් තිබුණා. ඊට දින දෙකකට පෙර වෙනත් අංශය සිටි දෙමළ ත්‍රස්තවාදී සැකකරුව 35 දෙනෙකු මරා දැමූ බව දැන සිටි මේ අංශයේ හිරකරුවන්ට එම ඉරණම ඉතිරි දෙමළ සිරකරුවන්ට ද අත්කර දිමට වුවමනාවෙන් ඔවුන් ප්‍රකෝපකාරීව හැසිරුණා.
සිංහල සිරකරුවන් පොලු, මුගුරු හා අතට අසු වූ විවිධ ආයුද අතැතිව සී සී කඩ දුවමින් සිටියා. ඔවුන් පාලනය කරන්නට නොහැකිව බන්ධනාගාර නිලධාරීන් මුළු ගැන් වී සිටියා. අප අපරාධ සිදුවෙමින් තිබූ චැපල් අංශය ඉදිරියේ තිබූ ටෙනිස් පිටියක් තරම් භූමියේ මිරිස් ගලක තලා දැමූ මිරිස් මෙන් කපා කොටා විනාශ කර තිබූ දෙමළ සිරකරුවන්ගේ සිරිරු 20 පමණ තැන තැන විසිරී තිබුණා. අප ආවේ ඔවුන්ගේ සහායට යයි සිතු සිංහල සිරකරුවන් ‘ජය වේවා, ජය වේවා, කියා කෑගසන්නට පටන් ගත්තා.
බන්ධනාගාරයේ වහල් උඩ සිටි එක් සිංහල සිරකරුවෙකු මහ හඬින් කෑ ගසා මට කතා කළා.
“සර්, කොහොම ද අපේ වැඩ?”
මම ඒ දෙස බලද්දී, මට කෑ ගැසු සිරකරුවා එක් අතකින් කෙස් වැටියකින් එල්ලා ගත් මිනිස් හිසක් හා අනෙක් අතින් ආයුධයක් ගෙන සිටියා. මම වහාම මගේ අතේ තිබූ කැරලි මර්ධනයට යොදා ගන්නා තුවක්කුවේ රබර් උන්ඩයකින් ඔහුට වෙඩි තැබුවා. ඔහු සිටි තැනින් පහළට වැටුණා. ඔහු මට දැක පුරුදු කෙනෙක් බව මතකය නැඟුණා. පසුව දැන ගත් පරිදි ඔහු අර ගුවන් යානයක් පැහැර ගත් සේපාල ඒකනායකයි. ඔහුට වෙඩි තබද්දී තවත් සිංහල සිරකරුවෙක් මට ඔහු අතේ තිබූ මුගුරකින් මගේ හිසට පහරක් එල්ල කළා. වාසනාවට මා අසලම සිටි බලලත් නිලධාරී එම්. එස්. ඩී. පෙරේරා වහා ක්‍රියාත්මක වී ඔහුට වෙඩි තැබුවා. ඔහු ඇද වැටුණා. ඔහු මිය ගියේ නෑ. පසුව අපි ඔහු රෝහලකට යැව්වා.
අපි චැපල් අංශයට ඇතුළු වන විට ඉතිරි දෙමළ සිර්කරුවන් ටික දෙනා ද මරා දමන ලෙස ඉල්ලමින් සිරකරුවන් අපට ඔල්වරසන් දෙන්න පටන් ගත්තා. මේ වන විට සිංහල සිරකරුවන් විශාල පිරිසක් චැපල් අංශය වට කර ගෙනයි සිටියේ. එහි රඳවා සිටි දෙමළ සිරකරුවන් එක් පැත්තකින් එහි ගේට්ටු කඩා ගෙන සිංහල සිරකරුවන් ඇතුළු වීම වලක්වන අතරේ අනෙක් පැත්තෙන් ඔවුන්ගේ රුදුරු ප්රහාරයන් වලක්වා ගැනීමට උත්සාහ කළා. මම එහි ඇතුල් වන විට දුටු මුලම බිහිසුණු සිදුවීම වූයේ සිංහල සිරකරුවන් සමූහයක් දෙමළ සිරකරුවෙකුගේ හිස යකඩ කූරු අතරින් කඩා එළියට ගැනීමයි. මම වහාම ක්‍රියාත්මක වුණා.
අපි වේලාසනම ඇති විය හැකි තත්වයට මුහුණ දිමට ගෑස් වෙස් මුහුණු පැළඳ ගෙනයි ගියේ. මම වහාම කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. සිංහල සිරකරුවෝ අති පිරිස විශාල පිරිසක්. මේ කළහකරුවන් පාලනය කිරීමට වෙඩි තැබීම හැර වෙන විකල්පයක් තිබුණේ නෑ.වෙඩි තැබීමත් සමග ගෑස් හා අප්‍රාණික වායු පුරවා ඇති බෝම්බ කිහිපයක ආධාරයෙන් මරා දැමීමට වට කෙරුණු දෙමළ සිරකරුවන් තිස් හතළිස් දෙනකු බේරා ගැනීමට අපට පුළුවන් වුණා.
අපේ ප්‍රති ප්‍රහාරයත් සමඟ කලහකාරී සිංහල සිරකරුවන් සෙමෙන් විසිරී යන්නට පටන් ගත්තා. මේ අතරවාරයේ දෙමටගොඩ ප්‍රදේශයේ රාජකාරියේ නියැලෙමින් සිටි කමාන්ඩෝවරුන් හය දෙනෙකුද අපට එකතු වුණා. ඒත් සමඟම හිර කුටිවලින් එළියට පැන සිටි සිංහල සිරකරුවන් තුන්සියයක් පමණ නැවත ඔවුන්ගේ ඔවුන්ගේ සිර මැදිරිවලට ගාල් කිරීමට අපට හැකි වුණා. ඒ වගේම දෙමළ ත්‍රස්ත සැකකරුවන් හා ඔවුන්ගේ තුවාලකරුවන් ගැන සොයා බලන්නටත් අපට ඉඩ හසරක් ලබුණා.
ඒ වන විට මට අවශ්‍ය වී තිබුනේ අප ජීවිත බේරා දුන් දෙමළ ත්‍රස්ත සැකකරුවන්ගේ ආරක්ෂා කිරීමයි. ඔවුන් වැලිකඩ බන්ධනාගාරයෙන් වහා ඉවත්කොට වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාම හැර වෙන කළ හැකි කිසිවක් නොතිබුණි. ඔවුවුන් අතරේ කතෝලික පූජකයින් දෙදෙනකු, වෛද්‍යවරයෙකු හා ඉංජිනේරුවෙකුත්ද විය. ඉංජිනේරුවරයා ත්රස්තවාදීන් හට බෝම්බ නිපදවූ බවට සැක කළ අයෙකි. අපි, පැය හයක පමණ කාලයකින් බන්ධනාගාරය තුළ තිබූ ප්රචන්ඩත්වය තත්ත්වය පාලනය කර ගෙන සිටියෙමු.
තවත් වැඩිපුර ආරක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට ද දෙමළ සිරකරුවන් වෙන තැනකට ගෙන යාමට වාහන සොයා ගැනීමට ද සෑහෙන කාලයක් ගත විය. අවසානයේ ලංගම බස් රියක් ගෙන්වා ගතිමු. දෙමළ සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර දීමට ඔවුන් ගෙන යායුතු තැන ගැන මම කල්පනා කළෙමි. මුළු රට පුරාම ප්රචන්ඩ ක්‍රියා පැතිරෙද්දී ප්රචන්ඩ පිරිස් පහර දීමට යළිත් පැමිණෙනේනම් එය පාලනය කළ හැකි තැනකට ඔවුන් ගෙන යා යුතු විය.
මම, දෙමළ සිරකරුවන් රඳවා තබන ස්ථානය ගැන රජයේ තීරණයක් ලබෙන තෙක් ඔවුන් අපගේ ආරක්ෂාව යටතේ නිරූපද්‍රිතව තබා ගැනීමට හොඳම තැන ගාලු මුවදොර පිටිය බව තීරණය කළෙමි. ඒ අනුව බසයට නඟ්වා ගත් දෙමළ සිරකරුවන් පිරිස ගාලු මුවදොර පිටියට ගෙන ගොස් එහි මැද්දේ රැඳ වූයෙමි. එහිදී අපට ඔවුන්ට පහර දීමට එන පිරිස් ඈතදීම දැක පළවා හැරීම පහසු විය.
දෙමළ සිරකරුවන් ගාලු මුවදොර කමාන්ඩෝ මුරකාවල් මැද තබා ගෙන සිටිද්දී රජයේ තීරණය පැමිණියේය. ඒ අනුව පැමිණි ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවලට ඔවුන් ඇතුල් කළෙමු. මේ සිරකරුවන් මඩකලපු බන්ධනාගාරය වෙත රැගෙන යන බව මට දැන ගන්නට ලැබුණි
.




මේ නිලධාරියා කව්ද