Discussion about this post

User's avatar
KW's avatar
Jun 21Edited

"කලකට වහ ලු කලකට රස වෙනවාලු..."

උඩුගම්පල ආර්. ප්‍රේමදාස ගේ සුවච කීකරු දඩබල්ලා වී, එම ආණ්ඩුව වෙනුවෙන් තරුණ ජීවිත සිය ගනන් මරා දමන කාලයේ නම්, ප්‍රේමදාස ට උඩුගම්පල, අර පොහොට්ටු වේ උන් ට මේ දිනවල තුවාන් සුරේෂ් සලේ -ජාතික වීරයෙක් - බවට පත්වී ඇතිවා මෙන්, වීරයෙක් වන්නට ඇත.

ඒත් ඒ දෙන්නා විරසක වූ පසු, ඒ කුරිරු යුගයේ සියලුම පව්, තමා හැර, ප්‍රේමදාස සහ එක එක පාට බළලුන් ඇතුලු අන් සෑම මැර කණ්ඩායම් පිටින් යවා, උඩුගම්පොල සුදනා වන්නට තැත් කල ආකාරය හාස්‍ය ජනකය.

එහෙත් ඒ මාධ්‍ය වේදීන් සිය දිවි පරදුවට තබා ඒ මිනිමරුවා හමු වී ඔහුගේ මේ ප්‍රකාශයන් මෙසේ ලබා ගෙන එලි දරව් කිරීම මොන තරම් වටිනවාද!

මේ සියලු තොරතුරු සොයා බලා ඒවා පිලිවෙලට පෙල ගස්වා නන්දන වීරරත්න මහතා විසින් ලියන ලද, තවම මුද්‍රණයෙන් එලි දක්වා නැති අපේ රටේ ඒ බිහිසුණු සමය ගැන, මල් වට්ටි මාරයා සහ ඔහුගේ සහචරයන් ගැන කියැවෙන එම ග්‍රන්ථය එලි දකින තුරු ඉතාම උනන්දුවෙන් බලා සිටිමි.

අද දවසේ සමහර දේශපාලුවන්, එදවස තරුණ සිසුන් ලෙස ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ද සාමාජිකයන් වූ පක්ෂයක මෙවැනි මැර කණ්ඩායම් අතින් වද හිංසා වලට ලක් වූ අය වේ. ඔවුන් ගේ එවක අරගල සගයන් සමහරු බටලන්ද වදකාගාරයේ වද විඳ මිය යන්නට හෝ, සරසවි සිසු නැගිටීම් වලදී ආණ්ඩුවේ මැරයන්ගේ තාඩන පීඩන වලට ලක් වන්නට ඇත. එහෙත්, අද වයසට ගොස්, ඔවුන් දේශපාලනිකව අවලංගු තත්වයට පත් වන විට ලැජ්ජා නැතිව ඒ එදා ඔවුන්ව වද හිංසාවට ලක් කල රනිල් ලා, ප්‍රේමදාස ගේ පුතානෝ ලා සමග එක් පෙලට ඉඳ නැවත රජ කරන්නට වරම් ඉල්ලති.

වීරරත්න මහතා එක් වරක එවැනි කුප්‍රකට දේශපාලකයෙක් ගේ නම ම කියා, ඔහු කෙසේ රනිල් ලා සමග එක්ව ආණ්ඩු කිරීමක් පවා (යහපාලන ආණ්ඩුව සමයේ සහ ඊට පසුවද) කරන්නේදැයි පුදුම බව අසනවා කිසියම් මාධ්‍ය හමුවක යූටියුබ් වීඩියෝවක දැක ඇත්තෙමි.

ඔබ ඒ දේශපාලකයාගෙන් එසේ ඇසීම කෙතරම් අපූරු සාධාරණ ක්‍රියාවක්ද කියා එදිනද මා ඔබේ එම භාෂණය අගය කලෙමි.

අපේ රටේ උදවියට බොහෝ දේ සිය පුද්ගලික වාසිය වෙනුවෙන් අමතක වෙන බව හෝ අමතක කල හැකි බව පෙනේ. එවැනි ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් බලයට පත් වන්නේ ජනතාව නොදන්නා කමට ඔවුන්ට ජන්දය ලබා දීමෙනි. පොදු මහජනතාවටද අමතක වීමේ රෝගය වැලඳීමට ඉඩ දිය යුතු නැත.

ඒ නිසා එවැනි අයටද පමා වී හෝ ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමටත්, පොදුවේ මේ අතීත සිදුවීම් ගැන සැබැවින්ම නොදන්නා වර්ථමාන තරුණ පරම්පරාවට ඒ කාරණා ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, වීරරත්න මහතාගේ ගවේෂණාත්මක මාධ්‍යකරණය බෙහෙවින් උපකාර වෙයි. ඒ සත්ක්‍රියාව ට ඔබට බොහොම ස්තුතියි!

Rohitha Fernando's avatar

We are deeply fortunate to have scholars and investigators keeping these accounts active, nearly fifty years after the events themselves unfolded. I am not sure if you can put a value on the price you personally paid in your life for the cause. The danger is twofold: either we will lack serious investigators to probe the criminal activities of subsequent regimes, or any future efforts will come too late to find an engaged audience. Without your documentation, figures like Sanath Gunatilake and numerous others risk passing away with the unearned reputations of saints.

No posts

Ready for more?