ජනාධිපති ප්‍රේමදාස, නි.පො. උඩ්ගම්පොල හා දේශපාලන බබ්බු
නූතන දේශපාලන බබ්බු අපරාධ රාජ්‍යයේ සභාවය නොදන්නා නිසා මේ උපුටා ගැනීම ඉදිරිපත් කරමි.
‘1991 මාර්තුවේ දී එවකට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති හා ජාතික ආරක්ෂක ඇමැතිවරයා වූ රන්ජන් විජේරත්න කාර් බෝම්බයකින් ඝාතනය කෙරුනේය. මේ ඝාතනය ගැන පරීක්ෂන පවත්වන්නට යාමත් සමඟ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හා නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල සමඟ විරසකයට මුල පිරුණු බව ඔහු පසුව කියා සිටියේය.
1988 සිට එජාපයේ හා ජනාධිපති ප්‍රේමදාසගේ අංක 01 නිල ගහලයා වුයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොලය. එහෙත් මේ උඩුගම්පොල ම 1992 ජනවාරිය වෙද්දී ප්‍රේමදාසගේ පරම සතුරන් ගොඩට වැටී සිටියේය. මේ ජනවාරි මාසයේ 15 වෙනිදා උඩුගම්පොලට හදිසි ලිපියක් ලැබුණි. එහි ලියැවී තිබුණේ ජනාධිපති ප්‍රේමදාසගේ නියෝගය යටතේ උඩුගම්පොල නායකත්වය දුන් පොලීසියේ විශේෂ මෙහෙයුම් කාර්යංශය විසුරු හැරුණු බවත් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ය. මේ සිදුවීමෙන් පසු බියට පත් උඩුගම්පොල, ප්‍රේමදාස තමා මරා දමතියි බියෙන් සැඟවී සිටියේය. ප්‍රේමදාසගේ ස්භාවය මැනවින් දැන සිටි උඩුගම්පොල සැඟවී සිටීමෙන් තමාගේ ජීවිතය නොරැකෙන බව දැන ප්‍රේමදාසට විරුද්ධව සටන් දියත් කළේය.
1992 අප්‍රියෙල් 07 වෙනිදා, සැඟවී සිටි උඩුගම්පොල මේ සටනේ ආරම්භක වෙඩි මුරය හැටියට දිවුරුම් ප්‍රකාශයක් පුවත්පත්වලට නිකුත් කළේය. මේ දිවුරුම් ප්‍රකාශයෙන් ආණ්ඩුව තම දේශපාලන සතුරන් මරා දැමීමට කළුබළල් හමුදාවක් යොදා ගත් ආකාරයත් විශේෂයෙන්ම උතුරුමැද පළාතේ කළුබළලුන් මරා දැමු පුත්ගලයන්ගේ 95 දෙනෙකුගේ නම් ද ඉදිරිපත් කළේය. එහෙත් උඩුගම්පොලගේ දිවුරුම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කිරීමට ‘හයියක්’ තිබුණේ පුවත්පත් කීපයකට පමණි. ඉන් එකක් වූයේ ‘ඇත්ත’ පුවත්පතය. නීතිපතිවරයා ඊට පසුදාම උඩුගම්පොලගේ දිවුරුම් ප්‍රකාශය මුද්‍රණය කළ පුවත්පත්වලට විරුද්ධව නඩු පැවරුවේය.
උඩුගම්පොල, තම දෙවැනි වෙඩිමුරය ආරම්භ කළේ 1992 ජූලි 18 වෙනිදා ය. එදින රහසිගත ප්රවෘත්ති සාකච්චාවක් සඳහා ඔහු දිවුරුම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කළ ‘ඇත්තේ’ චූලවංශ සිරිලාල්, ‘ලංකාදීපයේ’ ආරියනන්ද දොඹගහවත්ත හා ‘දිවයිනේ’ දයා ලංකාපුර ද රැගෙන කොළඹ නගරයේ රහසිගත ස්ථනයක දී පුවත්පත් හමුව සිදු කෙරෙණි. දයා ලංකාපුර මේ ලෙඛකයාට පැවසු ආකාරයට යොදා ගත් ආකාරයට කොළඹ කොටුවේ ගලදාරී හෝටලය අසල දී වෑන් රියකට දමා ගෙන දැස් බැඳ ගෙන යනු ලැබූ ඔවුහු කිලෝ මීටරයක් දෙකක් ගමන් කිරීමෙන් පසු නිවසක ගරාජයකදී වෑන් රියෙන් එළියට ගත්හ. අනතුරුව කාඹරයකට ගෙන ගොස් එහිදී ඇස් බඳ දැමූ රෙදි ඉවත් කරද්දී ඔවුන් ඉදිරියේ උඩුගම්පොල වාඩිවී සිටියේ ය.
ප්රශ්නය
බළලුන් නීති විරෝධී වැඩ කළා නම් ඔබ දන්නවා නම් ඔබට ඔවුන් අල්ලන්න තිබුණා නේද? එසේ නොකිරීමෙන් ඔබත් ඔවුන්ට අනුබල දීල තිබෙනවා නේද?
පිළිතුර
ඒ කාලේ කළු බලල්ලු ආවේ කොළඹින්. එහෙම නැතිනම් ඒ ඒ ප්‍රදේශවල දේශපාලන බලවතුන්ගෙන්. ඔවුන් කලු බළල්ලු එවල අපටත් දැනුම් දෙනවා මෙහෙම කණ්ඩායමක් එනවා ඒ අයට ඔවුන්ගේ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන්නය කියා. ඔවුන්ට නවාතැන් ආහාරපාන හා වාහන සපයන ලෙසත් අපට ඉහළින් නියෝග ලැබුණා. ආණ්ඩුවේම සමහර ආයතනවලට වෙන්කළ මුදල්වලින් මේ පිරිසට මසකට රුපියල් දහස් ගණනක වැටුපුත් ගෙව්වා. ඉතින් කොහොමද අපි ඔවුන් අල්ලන්නේ?
කළු බළල්ලුන්ට පැවරී තිබූ රාජකාරිය නම් ප්‍රදේශයේ දේශපාලන බලවතුන් දෙන ලැයිස්තු අනුව රෑට රෑට පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා ටයර් දමා පුළුස්සන එකයි. ඒ විදිහට සිය ගණනක් මරා දැම්මා. මේ අන්දමින් අහිංසක මිනිසුන් මරා දමන හැටි බල බලා ඉන්න බැරිම තැන තමයි අපි කල කළුබළල්ලු ගැන ඉහළ තැන්වලට පැමිණිලි කෙරුවේ.
මා සේවය කළ සෑම ප්‍රදේශයකම කළු බළලූන් කල වැඩ ගැන සියළුම තොරතුරු මා එකතු කරගත්තා. මේවා කවදා හරි රටට හෙළි කළ යුතුයැයි මා හිතාගෙන සිටියා. පසුගිය දිනවල තමයි මට ඒ සඳහා ඉඩ ලැබුණේ. ඒ අනුවයි මා දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ඒ විස්තර රටට හෙළි කෙරුවේ’
[‘උඩුගම්පොල කතා කරයි. කළු බළල්ලු කවුද කියල මම රටට හෙලිකරනව’, දයා ලංකාපුර, දිවයින ඉරිදා සංග්‍රහය 1992 ජූලි 19 වෙනි ඉරිදා]
[ජනපතියෙකු ඝාතනය කරන්නේ කෙසේ ද? - නන්දන වීරරත්නගේ නොපළ කෘතියෙනි]




"කලකට වහ ලු කලකට රස වෙනවාලු..."
උඩුගම්පල ආර්. ප්‍රේමදාස ගේ සුවච කීකරු දඩබල්ලා වී, එම ආණ්ඩුව වෙනුවෙන් තරුණ ජීවිත සිය ගනන් මරා දමන කාලයේ නම්, ප්‍රේමදාස ට උඩුගම්පල, අර පොහොට්ටු වේ උන් ට මේ දිනවල තුවාන් සුරේෂ් සලේ -ජාතික වීරයෙක් - බවට පත්වී ඇතිවා මෙන්, වීරයෙක් වන්නට ඇත.
ඒත් ඒ දෙන්නා විරසක වූ පසු, ඒ කුරිරු යුගයේ සියලුම පව්, තමා හැර, ප්‍රේමදාස සහ එක එක පාට බළලුන් ඇතුලු අන් සෑම මැර කණ්ඩායම් පිටින් යවා, උඩුගම්පොල සුදනා වන්නට තැත් කල ආකාරය හාස්‍ය ජනකය.
එහෙත් ඒ මාධ්‍ය වේදීන් සිය දිවි පරදුවට තබා ඒ මිනිමරුවා හමු වී ඔහුගේ මේ ප්‍රකාශයන් මෙසේ ලබා ගෙන එලි දරව් කිරීම මොන තරම් වටිනවාද!
මේ සියලු තොරතුරු සොයා බලා ඒවා පිලිවෙලට පෙල ගස්වා නන්දන වීරරත්න මහතා විසින් ලියන ලද, තවම මුද්‍රණයෙන් එලි දක්වා නැති අපේ රටේ ඒ බිහිසුණු සමය ගැන, මල් වට්ටි මාරයා සහ ඔහුගේ සහචරයන් ගැන කියැවෙන එම ග්‍රන්ථය එලි දකින තුරු ඉතාම උනන්දුවෙන් බලා සිටිමි.
අද දවසේ සමහර දේශපාලුවන්, එදවස තරුණ සිසුන් ලෙස ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ද සාමාජිකයන් වූ පක්ෂයක මෙවැනි මැර කණ්ඩායම් අතින් වද හිංසා වලට ලක් වූ අය වේ. ඔවුන් ගේ එවක අරගල සගයන් සමහරු බටලන්ද වදකාගාරයේ වද විඳ මිය යන්නට හෝ, සරසවි සිසු නැගිටීම් වලදී ආණ්ඩුවේ මැරයන්ගේ තාඩන පීඩන වලට ලක් වන්නට ඇත. එහෙත්, අද වයසට ගොස්, ඔවුන් දේශපාලනිකව අවලංගු තත්වයට පත් වන විට ලැජ්ජා නැතිව ඒ එදා ඔවුන්ව වද හිංසාවට ලක් කල රනිල් ලා, ප්‍රේමදාස ගේ පුතානෝ ලා සමග එක් පෙලට ඉඳ නැවත රජ කරන්නට වරම් ඉල්ලති.
වීරරත්න මහතා එක් වරක එවැනි කුප්‍රකට දේශපාලකයෙක් ගේ නම ම කියා, ඔහු කෙසේ රනිල් ලා සමග එක්ව ආණ්ඩු කිරීමක් පවා (යහපාලන ආණ්ඩුව සමයේ සහ ඊට පසුවද) කරන්නේදැයි පුදුම බව අසනවා කිසියම් මාධ්‍ය හමුවක යූටියුබ් වීඩියෝවක දැක ඇත්තෙමි.
ඔබ ඒ දේශපාලකයාගෙන් එසේ ඇසීම කෙතරම් අපූරු සාධාරණ ක්‍රියාවක්ද කියා එදිනද මා ඔබේ එම භාෂණය අගය කලෙමි.
අපේ රටේ උදවියට බොහෝ දේ සිය පුද්ගලික වාසිය වෙනුවෙන් අමතක වෙන බව හෝ අමතක කල හැකි බව පෙනේ. එවැනි ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් බලයට පත් වන්නේ ජනතාව නොදන්නා කමට ඔවුන්ට ජන්දය ලබා දීමෙනි. පොදු මහජනතාවටද අමතක වීමේ රෝගය වැලඳීමට ඉඩ දිය යුතු නැත.
ඒ නිසා එවැනි අයටද පමා වී හෝ ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමටත්, පොදුවේ මේ අතීත සිදුවීම් ගැන සැබැවින්ම නොදන්නා වර්ථමාන තරුණ පරම්පරාවට ඒ කාරණා ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, වීරරත්න මහතාගේ ගවේෂණාත්මක මාධ්‍යකරණය බෙහෙවින් උපකාර වෙයි. ඒ සත්ක්‍රියාව ට ඔබට බොහොම ස්තුතියි!
We are deeply fortunate to have scholars and investigators keeping these accounts active, nearly fifty years after the events themselves unfolded. I am not sure if you can put a value on the price you personally paid in your life for the cause. The danger is twofold: either we will lack serious investigators to probe the criminal activities of subsequent regimes, or any future efforts will come too late to find an engaged audience. Without your documentation, figures like Sanath Gunatilake and numerous others risk passing away with the unearned reputations of saints.