Discussion about this post

User's avatar
KW's avatar

සජිත් ප්‍රේමදාස ට ලැජ්ජාවක් කියා දෙයක් ගෑවිලා වත් තිබේ නම්, රිචඩ් ද සොයිසා මහතා, ලක්ෂ්මන් පෙරේරා මහතා වැනි නාට්‍යකරුවන්ද ඇතුලු මල් වට්ටි මාරයා විසින් මරවා දැමූ දහස් ගනන් ජීවිත ගැන අබමල් රේණුවක තරම් වත් සහකම්පනයක් තිබේ නම්, දේශපාලන ක්ෂේත්‍රයට පැමින "රණසිංහ ප්‍රේමදාස මගේ පියානෝ" ගගා හිස් පුරසාරම් දොඩවනවා නොව රටේ නායකයා වෙන්නට අරඅඳින මහජන නියෝජිතයෙක් නොව, ගමේ මරණාධාර සමිතියක තනතුරක් ඉල්ලන්නට හෝ තැත් නොකොට, දේශපාලනයෙන් මුලුමනින්ම ඉවත් විය යුතුයි!

පියා කල වරදට දරුවන් පලි නැතැයි කෙනෙක් කියන්නට පුළුවන්.

ඒත්, මේ කිසිවක් නොවුනාක් මෙන් "මහජන සේවයට කැප වන" පුතානෝ ගැන පමනක් නොව, ආර්. ප්‍රේමදාස ගේ මේ කුරිරු ගති මෙන්ම දූෂිත පාලනය ගැනද දැන දැනත්, ඔහුගේ පුතාව විශ්වාස කරන්නට පෙළඹෙන චන්දදායකයන් ගැනත්, මට නම් ඇත්තේ විශාල පුදුමයකි.

රිචඩ් ද සොයිසා මහතා ගේ ඝාතනය සහ ඔහුගේ මව ඒ සියල්ල දරාගත් අයුරු දක්වන අශෝක හඳගම මහතා නිම කල "රාණි" චිත්‍රපටය සිහිවේ.

රිචඩ් මරා දමන අවදියේ දේශපාලන ලෝකයේ සිය ගමනේ මුල් අදියරේ සිටි මහින්ද රාජපක්ෂ එදා යූඑන්පිය විසින් මරා දැමූ තරුණ ජීවිත වෙනුවෙන්, දරුවන් අහිමි වූ මව් වරුන් සමග සිටගත් හැටි ඉහත සිනමා නිර්මාණයේ පෙන්වුවා මෙන්ම සැබෑ ලෝකය තුළද සිදු වූ බව අසා ඇත්තෙමි.

රිචඩ් ද සොයිසා ඇතුලු එවකට ජීවිත නැති වූවන් සහ ඔවුන්ගේ පවුල් වල අය ගේ දුක සිය දේශපාලන ගමනට අත්වැලක් කර ගත් ඒ රාජපක්ෂම, පසු කලක, සිය පවුල සහ සහෝදරයන් ඇතුලු තම -පුද්ගලික- උවමනාවන් වෙනුවෙන්, "මේ කවුද මොනවද කරන්නෙ?" නාට්‍යයට පදනම් වූ ඒ කුරිරු පාලකයා ගිය මග ම සෑහෙන දුරක් ගිය හැටි ඉතාමත්ම ඛේදජනක සරදමකි.

No posts

Ready for more?