Discussion about this post

User's avatar
KW's avatar

අපේ රටේ සඟ සසුන විසින් නඩත්තු කරන නිකාය භේදය බුදු රජාණන් වහන්සේ ගේ නිර්මල දර්ශනය ට සම්පූර්ණයෙන්ම පටහැනියි. බුදු දහම දන්නවා යයි කියා ගන්නා උන්නාන්සේලා ට සාමාන්‍ය ගිහි අප පාසලේ හය වෙනි හෝ හත් වෙනි පන්තියෙදි බුද්ධාගම පාඩමේදි ඉගෙන ගත් වසල සූත්‍රය දන්නෙ නැතිද?

කෙනෙක් උසස් මිනිසෙක් වන්නේ ඔහුගේ/ඇයගේ ක්‍රියාවෙන් පමනක්ම මිස, ඒ අය කුමන ජන වර්ගයක කවර දෙමාපියන්ට දාව මෙලොවට ආවද කියන සාධකය මත නොවෙන බව දේශනා කලේ වෙන කවුරුවත් නොව, තමන්ලාද ශ්‍රාවකයන් වන එම බුදු සසුන ඇරඹූ ගෞතම බුදුරජාණන් වහන්සේ බව ඔය මහ ලොකු යයි කියන නිකාය වල ලොක්කන්ට අමතක වී ඇත්තේ ඇයි?

මෙවැනි භේද තිබෙන තුරු අපේ රටේ දක්නට ඇත්තේ සැබෑ බුද්ධ දර්ශනය යයි අවංකවම සලකනු නොහැකිය.

No posts

Ready for more?