ඇලැහැමාවතේ අපි ගිය මුල්ම ගෙදරදී අපේ වයසෙම කාන්තාවක් හාමුදුරුවනේ ඇයි ආවේ කියලා ඇහැව්වා. ඒ මොහොතේ මගේ ඇගේ හිරිගඩු පිවුණා. මං ඇහුවා ඇයි නිකංම නිකං ගිහියන්ට හාමුදුරුවනේ කියන්න කියල. එතකොට අපි උසස් කුලවල අයට දෙයියෝ, හාමුදුරුවනේ කියලයි කතා කරන්න ඕනෙ. එහෙම කතා නොකොළොත් නිළමෙලා අපිට කටට ගහනවා. දැන් තොපිට නම්බු දීල කතා කරන්නවත් බෑ කියලා. මම එතනදීම දැනගත්ත ඇලැහැමාවතේ අපේ ඥාතින්ට තියෙන කුල අසාධාරණයේ තරම.
දවස් තුනක්ම අපි කුලවාදයේ නටඹුන් සොයන්න ඇලැහැමාවතට ගියා. එතනදී අපිට බැණ අඩගහපු සුන්දර ගාඩි යුවතියන් තිදෙනා කී කතාව මට තාම මතකයි. දැන් අපිට රොඩියො කියලා පාත් කරල සලකන්නේ මේ අහල පහල ගං වල උදවිය විතරයි. මේව පත්තර වල දැම්මම මුළු රටේම උදවිය අපි පාත් කරල සලකාවි. අපිට පාරේ බැහැල යන්න බැරි වේවි කියලයි ඒ අය කිව්වේ. කුලවාදය සිංහලයන්ගේ රහසිගත සංස්කෘතියක් නිසා එහෙම නොවෙයි කියල මට කියන්න බෑ.
පසුව ඇලැහැමාවතේ උපසේන මල්ලී අන්තිම දවසෙ කඳුළු වලින් ඇස පුරෝගෙන බැහැපත් හඩින් කරපු ඉල්ලීමක් අනුවයි මා මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.
රාජසිංහ වල්ලියාගේ ධර්මදාස ගේ රස්සාව කුලී වැඩ කන්දේ ගෙදර ආණ්ඩුවේ විදුලිය දුන්නේ නෑ. ඒ අපි අඩු කුලේ නිසයි. ගමේ කුලවන්තයෝ අපිට විදුලිය දීම නැවැත්තුවෙ. ඔවුන්ගේ බහට විදුලි බල මණ්ඩලෙත්, මන්ත්‍රීවරුත් යටත් වුණා. ඔය එක සිද්ධියක් විතරයි. බලන්න මේ ගමට එන පාර. අපට එන්න තියෙන්නෙ නිරයක් විතරයි. පාරක් ඉල්ලව. දැන් අවුරුදු 20-30 කාලයක ඉඳන් දෙන්නේ නෑ. ඔය ඉඩම් අයිත දුල්ලෑවෙ මහ වලව්වට. ඕව බලා කියා ගන්නෙ බඹරපනේ ආරච්චි මහත්තයාගේ දරුවො. ඒ නිළමෙල රොඩින්ට යන්න පාරක් ඕන නෑ කියල අර උඩින් තිබුණ පාර වැහැව්ව. ඇවිදින්න බැරි මැන්චෝ නංගිට තෑගි ලැබුණු රොද පුටුව පොලොවෙන් ගෙනියන්න අපිට පාරක් නෑ.
හිතේ සංතෝසයක් තියෙන දවසට ඩෝලයක් බෙරයක් ගහල විනෝද වෙන්න දෙන්නේ නෑ. රොඩින්ට මොන බජව්ද කියල ගෙවල් වලට ගල් ගහනව. අපේ කීප දෙනෙක්ම රස්සාවට කරන්නෙ ඉස්පිරිතාල වල මළමිනි කැපීම. බොන්න නැතුව ඒ රස්සාව කරන්න බෑ. හැන්දෑවේ බීල එනව දැක්කොත් නිළමෙල ගහනවා.
මේ අක්කර දෙකේ බිමේ පවල් 20 ක් ඉන්නව. දුල්ලෑවෙ මහ වලව්වෙ ඇත්තො මේ බිං කඩ අපිට දුන්නෙ. ඒකෙනුත් කෑල්ලක් කුලවන්තයො අල්ලගෙන සමාගම් ගොඩ නැගිල්ලක් හැදුව. අපි මේ ඔක්කොම වැරදි දරාගෙන ඉන්න ඕනෙ. අඩු කුලේ නිසා ඔව්වට විරුද්ද වැඩ කරනන් බෑ. මන්ත්‍රීවරු ආණ්ඩුවේ නිලධාරින් ඕවට යටයි. කුලේ නිසා විදුලිය නුදුන්නොත් අපිට විතරක් නෙමෙයි. අර කුඹල් වැඩ කරන උදවිය ඉන්න දුනුකේපොත ගමටත් විදුලිය දෙන්න, ගමේ කුලවන්තයෝ ඉඩ දුන්නේ නෑ. පංසල් අපිට සලකන හැටි අපේ උපාසකම්මලගෙන්ම අහන්න.
ලංකාවේ ඒක පුද්ගල ණය අනුපාතය රු. 15, 000 ක් පමණ වෙනවා. ලංකාවට බොහොමයක් තාක්ෂනික උපකරණ ගෙන්වන්නේ මේ ණය ගන්නේ මුළුරටත් එහි ජනතාවත් උගසට තියලයි. එහෙත් තාක්ෂණය ලැබෙන්නේ කුල භේදය අනුව නම්...?
කුලේ අඩු නිසා විදුලිය නොදීම ගැන තොරතුරු කියන දුනුකේපොත හේමලතා කරුණානායක ළදරු පාසල් ගුරුවරියක් වූ තරුණියක්. ඈ මෙසේද කීව. අපේ ගමේ අයගේ රස්සාව වළං තැනීම. අපිට ලයිට් දීම ගමේ කුලවත් අය නතර කෙරෙව්ව. මීට කලින් අපේ ගමේ මේ පැල්පත් හදන්න අත්කම් නිවාස යෝජනා ක්‍රමයක් ආවා. අඩු කුලේ අය නිසා ඒකත් අපිට දෙන්න කුලවන්තයෝ ඉඩ දුන්නෙ නෑ.
විදුලි බලයේ කුලවාදය ගැන තවත් අපුරු සිද්ධියක් අපිට ඇලැහැමාවතේ දී හමුවුණා. ඇලැහැමාවතේ අසෝක මාලා විවාහ කරගත් වරදට විදුලි බල මණ්ඩලයේ කොන්ත්රාත්තරුවෙක් ළග රස්සාව නැති කරලා. මේ සාලිය කුමාරයාගේ හැබෑ නම රාජසිංහ ආරච්චිගේ අජිත් කුමාර. අජිත් රස්සාව නැති කරලා. මේ සාලිය කුමාරයාගේ හැබෑ නම රාජසිංහ ආරච්චිගේ අජිත් කුමාර අජිත් වේයන්ගොඩ ඉඳලයි විදුලිබල මණ්ඩලේ වැඩට හාලි ඇලට ඇවිත් තියෙන්නේ. මේ අජිත්ගේ සාක්කිය.
මම කුලභේද ගනං ගන්නෙ නෑ. මේ පාරේ ලයිට් කනු හිටවද්දි කාන්ති අදුර ගත්තේ පස්සෙ මම මෙහෙ යන්න එන්න පටන් ගත්ත. අපේ කොන්ත්‍රාත් මුදලාලි මට අවවාද කළා. තර්ජනය කළා. මෙහෙන් හිර ගනු දෙනු කරන්න එපා කියලා. මගේ සහෝදර කම්කරුවොත් කීවෙ ඒ ටිකයි. තර්ජනය වැඩි වුණාම මම කාන්ති බැඳගෙන මෙහේ නතර වුනා. ඒ එක්කම මාව රස්සාවෙන් අස් කළා.
ආර්.ඩබ්. මැන්චෝ හතළිස් හැවිරිදි ලොකු මහත් වූ දරුවන් ඇති තැනැත්තියක්. කාලයක් අගනුවර ගෘහ රැකියාවල නිරත වී හිඳ මීගමුවේ කුලභේද නොතකන කතෝලික බැතිමතෙකු හා විවාහ වූ ඇය කුල පාපයෙන් ගැලවීමට නොහැකිව අසරණව දෙපාත් කොර වී රෝද පුටුවක් මතට වී සිටිනවා.
හැතැක්මේ තපොධනාරාමේ වතාවත් කරන්න මේ ගමෙන් වැඩි පුරම යන්නෙ මම. අපි බුද්ධාගම් කාරයෝ වුනාට අපේ මරණෙකට පාංසකුලේ දෙන්නවත් පංසලේ හාමුදුරුවරු එන්නේ නෑ. අමු දන් අඩු වැඩිය මිසක් උයාපු දන් අපෙන් ගන්නෙ නෑ. දැන් අපි බදුල්ලෙ මහලු නිවාසෙට දානයක් දෙනව. අපිට කරන කෙනහිලි දරා ගන්න බැරි නිසා. ගිය පොසොන් එකට අපි පන්සල් පහන් 3000 පින්කමක් පැවැත්තුවා. ගමේ නිළමෙලා අපේ කොල්ලන්ටත් ගහල ඒක කඩා කප්පල් කළා. මම දරුවො කතෝලික ආගමට හැරෙව්වා. මගේ ආගම නං මම වෙනස් කරන්නෙ නෑ. පුළුවන් විදිහට පිනක් දහමක් කර ගන්නව. ලබන ආත්මෙදිවත් හොද කුලේක උපදින්න. මෙයාකාරව සලකන්නේ අපේ ්ගාඩි ස්ත්‍රින්ට විතරක් නොවෙයි. කුඹල් කර්මාන්තයේ යෙදෙන අපේ කුඹල් ඥාතීන්ටත් සලකන්නෙ මෙහෙමයි. දුනුකේපොත දාවිත් සිඤ්ඤො මාමාට අපි මොහොතක් සවන් දෙමු.
අපේ පංසලේ හාමුදුරුවරු අපේ දානෙකට, මරණෙකට එන්නෙම නෑ. සාමනේර හාමුදුරුවරු විතරක් එනවා. අපේ දානයක් මරණයක් සිද්ධ වුණාම එදාට ලොකු හාමුදුරුවරු ලෙඩ වෙනවා. මේ කොන් කිරිම පරම්පරා ගතව ඉවසන්න පුරුදුවෙලා ඉන්නෙ. ඉහළ කුලවකුන්ගේ අසාධාරණය ගැන කතා කරන පොඩ් සි අයියාන්. යොදරට අපි ගියේ ඇඇහැ මාවතේ උපසේනත් එහෙ උපසේහ ගේ දනට ආවි ඒ ගෙදරට යන්න බය උණා උපසේන ගේ තුලේ හැටියට පොඩ් සිද්දේ අයියගේ ගෙදරත් කුලවතෙකු ගෙදරක් එනිසා ගෙට ඇතුල්වීම තහනම් මම ලෙක් උනගේ ගේ ඇතුලට එයෙන් ගියා නමුත් මගේ ඇස් ඉදිරිපිටම ඒ ගෙදරින් උසේන සැලකුම් ලැබගේ තුල හීනයෙකු හැටියටයි.
තුල පීඩනයක් සමඟ හුදකලාව සටන් වදින ඇලහැමාවතේ සටන්කරුවා රාජසිංහ විල්ලියේ උපකේකයි. 32 නැවිරිදි උපසේන විවාහකයෙක් බවවත් තරුණවියේ විජ්ජාකරුවෙකු ලෙසත් කොලකුත් සුදුකකාරයකු ලෙසත් දිවි ගැටගසා ගත් ඔහු අද සමීභාණ්ඩ තනමින් දසස් බුද්ධවියන රැක ගන්නවා අමුර්ථ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවෙන් පාරම්පරික රැකියාව අල්ලා පෙත්බිම් ලියවා වගකිය යුත්තන්ට යැවීමත් කරනව.
"මට ඉස්කෝලෙ යාම එපා උනේ මේ රොඩ් සතන්දරේ නිසා මම කරදන්ඩ උස ගියපු දවසෙ ඉදලම පලවතුන්ගෙන් පලි ගන්නා මුල් තරුණ කාලම් කාරෙන් පළි ගැනිල්ලයි සහතිකයි මෙම කුලවතුන්ගේ දල හක් අට දෙනෙක්ම අරගෙන ඇවිත් අනාථ කරලා යැව්ව. අපට අපහාස කරපු අයට ගැහුව, දෙන් ගමනක් හියර් ගියා. අපිට වෙච්චි දේවල් වෙන කාටවත් වුණා නම් මොනවා කරාවිද?"
“මම ගැටයා කාලේ ලෙදර එද්දී මියගේ ලොකු අක්කා දුෂ්‍ය කරලා ඉන්නවා මය දැක්ක මසට කකුල් දෙක ගැටී ගසලා කරට් රෙදි සාඩ් ඔබ ලා, පපුවට වාගෙඩියක් තියලා තමයි කුලවනයෝ හක් දෙනෙක් ඒ අපරාදේ කරල තිබුණේ. මම දසිද්දිත් අක්ක හිටියේ අපරාදේ වේලා අමු හිරුවස්තරන් අපි පොලිසියට පැමිණිලි කළා අදත් නඩුවක්වත් විත්තිකාරයවත් නෑ. අපේ කුලේම අහිංසක මනුස්සයෙක් දුෂණයෙන් පස්සේ අසනීපෙන් හිටපු අක්කත් කුලවන්තයන්ට දාව ලැබුණු දරුව බාර ගත්හ. අත්හ මේ පලාතෙම හිටපු ලස්සන කෙල්ල එකයි උන් ඒ කිරිසන් අපරාදේ කරේ.
"එච්චරත් නොවෙයි. අර අපේ නැන්දගෙ දුව මෙන් කුලවන තමයක් යාලු වෙලා හිටිය. ඈළු පාරේ යන්න නොදී හිරිහැර කරා අන්තිමේට එහි වසබල මැරුණ. මේ බලන්න ඒ විස්තරේ කියෙන පත්තර කෑල්ල. ඕව නිසා තමයි මම පළිගන්න වැඩ කළේ අන්තිමට පොලීසියක් මට ගහලා මම සදාකාලික ලෙඩෙක් ක මගේ අණ්ඩ කෝහ කලල තියෙන්නෙ. මට දරුවෙක් හදායන්න බෑ මට ඉන් මම මේ අරන් හදාගන්න දරුව අපිට මේ පාලකණ්ණි පහන් පිටවල ජීවත් වෙන්න කෙ හරි රටකින් ඉඩමක් පදනවන අපි යනවා. ඊට දැන් මේ ජීවියන් මුත්තයි."
දරාගත නොහැකි අසාධාරණය හුදකලාවේ ජයගන්නට අපොහොසත් වූ උපසේනට දැන් ජීවිතයක් එපා වෙලා වගෙයි. ඇලහැමාවතේ ගමු අපි විටේට රොක් වලා කතාකරද්දී පුංචි එවුනුත් ඒ අතර හිටිය. උපසේන ගේ දිරි ගැන්වීම උඩ උභට ආහු කාන්ති ලංකා, අතුර ගුණසේකර, සතක් කන්දසිරි වන දරු දැරියන් නිදෙනාම ඉයගන ගත්තෙ හැතැක්ම තණිටු විදුහල් තමන්ගේම වයතේ කුලවත් පාසල් දරුවන් ගැන ඔවුන් කී කතා ඇදහීමට කෙනෙකුට අපහසු වුණත් මේ තත්ත්වය සමීපුර්ණ ඇත්ත බට සහතික කරන්න පුළුවනි.
"කවට කමට ඉස්රකාශල ළමයි අපිට කියන රොඩියෝ, රොඩී කුප්පායමේ එකා කියලයි, නැත්තං හුලවාලිය, නටන්නී කියල කියනව. සෙරපුවක් දාන්න දෙන්නෙ නැ දගෙන ගිය දවසට පස්සෙන් පාග කඩනවා. නැත්ත කකුල් විටු දානව. හොද අයත් එක්ක එක පේලියේ වාඩි වෙන්න දෙන්නේ නෑ ඒ අය අපිට ගැහැවවත් අපි ඉවසගෙන ඉන්න හිතෙ ගහන කොට ගැහැව්වොත් කණ්ඩායම් පිටිත් එකතුවෙලා අපිට ගහනව, අලුත් තලිසමක් කමිසයක් ඇදගෙන ගියොත් තීන්ත ගහනව, නැත්තං ඉරනව, කපනව, මහත්තුරු මෙවි වෙන බව දන්නවා, නතර කරන්න බැරි නිසා නිකා ඉන්නවා ඇලැහැ මාවතේ ගාඩි වංශික ඥාතින්ගෙන් කුඹල් ඥාතින්ගේත් කුල දෝෂාභියෝගය රැගත් අපි කාලිඇල විදුලි ඩිපෝවට ගියා කාර්්‍යය මණ්ඩලයේ කුලවතුන්ගේ කෙණවිලි මැද විදුලි ඩිපෝවේ සිටින කැනීම් හා ඉදිකිරීම් ඉංජිනේරු අබේවික්‍රම මුණ ගැහුණ. අබේවික්‍රම මහතාත්, සමඟ මණ්ඩලය වෙනුවෙන් කළමනාකාර තුමාත් එක්ක් වූවා. යම් තරුණ ඉංජිනේරුවන් දෙපොළ කුල භියොගයට පිළිතුරු දුන්නේ මෙහෙමයි.
විදුලි බල මණ්ඩලයට තුල භේදයක් නැ ලාබ ලැබෙන ඕනෑම ප්‍රදේශයකට මණ්ඩලය විදුලිය සැපයීම් මාර්ග ඉදි කරනවා. ලැබා නොලැබෙන ප්‍රදේශවල විදුලිය ලබා ගැනීමට ක්‍රම දෙකක් තියෙනවා. එකක් මංත්රීවරයෙකු ලවා විමධ්‍යගත අයවැයෙන් මුදල් වෙන්කර ගෙන විදුලි මාර්ග ඉදිකර ගැනීම. දෙවැනි එක පුද්ගලිතව ගම්මු එකතුවේලා තමුන්ගේ සල්ලි වලින් විදුලි බල මාර්ගය ඉදිකර ගැනීම. අපි නිල්මල්පොත ගමේ මෙබදු ගර්භීත සිංහල බෞද්ධයන් කණ්ඩායමක් ගැන මීට කලින් කතා කළා. මේ පළාතේ මංත්‍රිවරු මේ ගම්මාන දෙකට විදුලිය දෙන්න විමධ්‍යගත අයවැයෙන් සල්ලි වෙන් කරල නැ. ඉතින් අපට විදුලිය දෙන්න විදිහක් නෑ. රාවයට වාර්තා කළා ඒ වෙලාව සිංහල බෞද්ධ ජාත්‍යන්තර සං විධානයක් ඒ අයට පංසලක් ඉදිකර දෙන්නට වැඩ කරන බව ආරංචි වී තිබුනා.
කුල පීඩිතයන්ට වෙනම පංසල් ඉදිකර දීමෙන් සිංහල බෞද්ධයන්ගේ කුල භේදය නැති කරන්න පුළුවක්ද? මේ ප්‍රශ්නයට කදිම පිළිතුරක් අපට දුන්නේ පස්සර තරුණ ව්‍යාපාරිකයෙකු වන වසන්ත කසකාරය. කුල පීඩකය ගැන තොරතුරු සොයන අපට නොමසුරුව ඇප උපස්ථාන කරන්නෙක්. "ඌවේ හැම ගමකම කුල භේද තියෙනවා උඩරටට සංක්‍රමණය වුණු පාතයන් ළඟත් දරුණු විදියට තුල භේද තියෙනව, තුල හීන යයි කියන බෞද්ධයන්ට පන්සල් හදා දීලා මේ ප්‍රශ්න විසඳන්න බෑ . රොඩී ගමේ හදන පංසල රොඩී පන්සල වේවි. ඒ පංසලේ හාමුදුරුවරු රොඩි හාමුදුරුවරු වේවි. ලංකාවේ කුල මුල් පුණු නිකාය අතරට රොඩී නිකායකුස් හැදේවි. රොඩි සාමනේරයන් උපසම්පදා කර්මය කරන්න රොඩී උපෝසථාගාරයකුත් ඕන වේවි” හැට හැවිදි මිත්තණියක් වූ රාජසිංහ වල්ලිගේ පුංචි, තම ගී ගැයීමේ හැකියාව ගැනත්, සිය සුන්දර දියණියන් ගැනත් බොහොම අභිමානයෙන් ඉන්නවා. පුංචි කතාව පටන් ගත්තේ කවියකින්.
කොතැන ඉඳන් එනවද ඇල්ලි මැල්ලියේ
රැහේ සිටන් එනවා ඇල්ලි මැල්ලියේ
අතට දාපු ගිගිරිත් සෙලවී සෙලවියේ
පෙර කුඹ රජුගේ දුව නවරත්න වල්ලියේ.
කවි කියන අතරම ඇඟපසඟ මතු කොට වටයක් කැරකී නැටු ඈ තම් මිහිරි හඩින් කළ චතුර කතාවෙන් අප නිශ්ශබ්ද කළාය. "අපි අඩුයිලු... කෝ අපේ අඩුවක්...... මේ අඩුවක් තියෙනවාද ? අනික් උදවියට තියන කර්මාන්ත අපිටත් කියනවා. කෝ අපේ අඩුවක්. ඒත් කුල භේද කියනවා අපි අඩුයි කියනවා. හැබැයි අපි අඩු උණාට අපේ කෙල්ලෝ හොඳයි. අපේ කෙල්ලො දැක්කම් කුලෙත් නෑ මාන්ගෙන් කෑ බීරලෙක් නෑ. ඒ කෙල්ල වැළද ගන්න තමයි දගලන්නේ. අනේ අපි ඒ කර්මාන්ත දන්නෙ නෑ. අප්පල නැති දරුවො කුලේ හොද අයගෙ වුනත් අපට වැඩක් නෑ.